බහාලුම් රැගෙන යාමට ලබා දුන් සහන කාලය අදින් අවසන්

කොළඹ වරායේ ගොඩ ගැසී ඇති බහාලුම් රැගෙන යාමට ලබාදී තිබු සහන කාලය අදින් අවසන්

by Staff writer 08-05-2020 | 7:54 AM

COLOMBO (News 1st) - කොළඹ වරායේ ගොඩ ගැසි ඇති බහාලුම් ආනයනකරුවන්ට රැගෙන යාම සඳහා ලබාදී තිබු සහන කාලය අදින් අවසන් වේ.

වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක මහතා සඳහන් කළේ, අදින් පසුව එම භාණ්ඩ රැගෙන යාම සඳහා කිසියම් මුදලක් ආනයනකරුවන්ට ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදු වන බවයි. මේ වනවිට ගුදම් 4 ක උපරිම ධාරිතාවයෙන් විශාල වශයෙන් භාණ්ඩ ගොඩ ගැසී ඇති බව ඔහු සඳහන් කළේ ය.