කොරෝනා ආසාදිතයින් ගණන 824 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 824 ක් දක්වා ඉහළට

by Staff writer 08-05-2020 | 6:30 AM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වනවිට වාර්තාවන ආසාදිතයින් ගණන 824 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (07) දිනයේදී හඳුනාගත් ආසාදිතයින් ගණන 27කි. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, කෙරෝනා ආසාදනය වූ පුද්ගලයින් 583 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. මෙරට කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූවන් ගණන 232කි. මේ වනවිට කොරෝනා අසාදනය වූ පුද්ගලයින් 09 දෙනෙකු මෙරටදී මියගොස් තිබේ.