ජනපති ගෝඨාභයගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගනී

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරන ලද ලේඛනයට ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නමත් ඇතුළත් වෙයි

by Staff writer 08-05-2020 | 7:49 PM

COLOMBO (News 1st) - අමෙරිකානු පුරවැසිභාවය තමන් විසින්ම ඉවත් කර ගැනීමේ නවතම පුද්ගල ලේඛනය ප්‍රකාශයට පත්වී තිබේ.

මෙම කාර්තුවට අදාල එම ලියවිල්ලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ද ඇතුළත් වෙයි. ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු නොවන බව තහවුරු වී තිබේ.