සඟවා තිබූ සහල් තොගයක් පිටකොටුවෙන්

සඟවා තිබූ සහල් තොගයක් පිටකොටුවෙන්

by Staff writer 07-05-2020 | 5:19 PM

COLOMBO (News 1st) - පිටකොටුව ප්‍රදේශයේ සහල් තොගයක් සඟවා තිබියදී පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබේ.

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කළේ, එම වෙළඳසැලේ තිබූ සහල් තොග අද දිනයේ අළෙවි කිරිමට පියවර ගත් බවයි. පිටකොටුව පස්වන හරස් විදිය ප්‍රදේශයේ වෙළද සැලක තිබී ඊයේ දිනයේ සහල් මිටි 750 ක් සොයා ගනු ලැබුවේය.