රනිල් ජයවර්ධනට බ්‍රිතාන්‍යයේ ඇමති ධුරයක්

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍යයේ ඇමතිවරයෙකු ලෙස පත් කෙරේ

by Staff writer 07-05-2020 | 4:32 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා අමාත්‍යවරයෙකු ලෙස පත්කර තිබේ.

රනිල් ජයවර්ධන මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ Covid-19 කාලවකවානුව තුළ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නැයි අගමැති බොරිස් ජොන්සන් මහතා දැනුම් දී ඇති බවයි. 1986 උපන් රනිල් ජයවර්ධන මහතා ලන්ඩන් ආර්ථික විද්‍යාලයේ විද්‍යාර්ථියෙකි. වෘත්තීය බැංකු කළමනාකරුවෙකු වන ඔහු අවස්ථා කිහිපයකදී බ්‍රිතාන්‍යයේ පළාත් පාලන ආයතනවල විවිධ තනතුරු දරා තිබේ. 2015 වසරේ මැයි මාසයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට රනිල් ජයවර්ධන මහතා තේරී පත්වූයේ ඊසානදිග හැම්ෂයර් ඡන්ද බලප්‍රදේශය නියෝජනය කරමිනි. ඔහු මේ වනවිට කන්සර්වේටිව් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙස ද කටයුතු කරනු ලැබේ.