පැය 24 ක් තුළ පුද්ගලයින් 630 ක් අත්අඩංගුවට

පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 630 ක් අත්අඩංගුවට

by Staff writer 07-05-2020 | 11:09 AM

COLOMBO (News 1st) - පොලිස් ඇඳිරි නීතිය කඩ කළ තව ත් පුද්ගලයින් 630 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අද පෙරවරු 6 න් අවසන් වූ පැය 24 තුළ කළ මෙහෙයුම්වලදීය. එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 209 කි. පසුගිය මාර්තු 20 වැනි දා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 47866 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 12448 කි.