ඩුබායි සිට ශ්‍රී ලාංකිකයින් 197 දෙනෙකු දිවයිනට

ඩුබායි සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් 197 දෙනෙකු දිවයිනට

by Staff writer 07-05-2020 | 7:19 AM

COLOMBO (News 1st) - ඩුබායි සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබේ.

ගුවන්තොටුපොළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් ඩුබයිහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 197 දෙනෙකු එම ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බවයි. ගුවන්තොටුපොළේදී විෂබීජහරණ ක්‍රියාවලියකට ලක් කිරීමෙන් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ ය.