by Staff writer 07-05-2020 | 12:53 PM
COLOMBO (News 1st) - රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා රාජ්‍ය සේවකයින්ට ආයාචනයක් කර තිබේ.
එම ආයාචනය සහ රටේ තත්ත්වය පිළිබඳ සවිස්තර පැහැදිලි කිරීමක් සහිත තම ලිපිය රාජ්‍ය සේවයේ සියලු දෙනා හට ඔවුන්ගේ ප්‍රධානීන් මාර්ගයෙන් යොමු කරන බව ද එහි සඳහන් විය.
අදාළ ලිපියෙන් ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සඳහා මාසිකව රුපියල් බිලියන 100 කට ආසන්න මුදලක් අවශ්‍ය බවයි.
එක් මසක් වැටුප නොගෙන එම මුදල වැන්දඹු අනත්දරු ගෙවීම් සඳහා යෙදවුවහොත් වියදම අඩුවී ආදායම වැඩිවී සැමවිටම කතා කරන අයවැය හිඟය අපටම අඩු කරගත හැකි බව පී. බී. ජයසුන්දර මහතා පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ එය ණය කළමනාකරණයට මෙන්ම අයවැය පීඩනය ජනතාවගෙන් අවම කිරීමේ පියවරක් ද වනු ඇති බවයි.
විවිධ රටවලින් ණය, ආධාර හා සහන ලබා ගැනීමට මෙන්ම අප විසින් ද අපගේ දේශීය ශක්තිය විදහාපෑම අවශ්‍ය බව ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා පෙන්වා දෙන්නේය.
ජයසුන්දර මහතා පවසන්නේ, ජනාධිපති කාර්යාලයේ සියලු දෙනා මෙම කාර්යයට දිරිගැන්වීමට තමාගේ මැයි මස වැටුපද වැන්දඹු අනත්දරු දායකත්වය සඳහා යෙද වූ බවයි.
මාසික වැටුප පරිත්‍යාග කිරීමට අපහසුනම්, වැටුපෙන් අඩක්, සතියක වැටුපක්, දිනක වැටුපක් ලෙස තම දායකත්වය සැපයිය හැකියැයි විශ්වාස කරන බව ද ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා පැවසීය.
https://www.facebook.com/NewsfirstSL/videos/2925409387554201/