by Staff writer 07-05-2020 | 8:15 AM
COLOMBO (News 1st) - ලබන සඳුදා (11) දක්වා මුළු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පොලිස් ඇඳිරි නීතිය පැවතිය ද සිය නිවසේදී වෙසක් පොහොයේ ආගමික වතාවත්වල යෙදීමට පහසුකම් ඇති බවයි.
පොලිස් ඇඳිරි නීතිය කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළේ ය.
ලබන සඳුදා (11) සිට නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.