COVID-19 මර්දනයට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 4.5ක්

COVID-19 මර්දන සටනට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 4.5 ක ආධාර මුදලක්

by Staff writer 06-05-2020 | 3:37 PM

COLOMBO (News 1st) - මෙරට කොරෝනා මර්දන වැඩපිළිවෙළට අමෙරිකාව ඩොලර් මිලියන 4.5 කට අධික ආධාර මුදලක් ලබා දී තිබේ.

කොළඹ, අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ, මෙරට ආරක්ෂාව හා ස්වෛරීත්වය සඳහා අමෙරිකාව විසින් සහාය ලබාදීමේ දිගුකාලීන සම්ප්‍රදාය මේ ආධාර තුළින් තවදුරටත් ඉදිරියට ගෙනයන බවයි.