ට්‍රම්ප්ගේ හිතුවක්කාර තීරණය

සෞඛ්‍ය උපදෙස් ඉවත දමමින් කොරෝනා කාර්ය සාධන බලකාය විසුරුවා හැරීමට අමෙරිකා ජනපති සැරසෙයි

by Staff writer 06-05-2020 | 12:36 PM

News 1st - අමෙරිකාවේ කොරෝනා වෛරස් කාර්ය සාධන බලකාය විසුරුවා හැරීමට ධවල මන්දිරය සැළසුම් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ බව තහවුරු කළ බවයි. මේ අනුව සති කිහිපයක් තුළ කොරෝනා වෛරස් කාර්ය සාධන බලකාය සම්පූර්ණයෙන් වසා දැමිය හැකි බවට අමෙරිකානු උපජනපති මයික් පෙන්ස් ද යෝජනා කර ඇත. ඊට හේතු දක්වමින් අමෙරිකානු ජනපතිවරයා කියා සිටියේ, අමෙරිකාව යළි යථා තත්ත්වයට පත්කළ යුතු කාලය එළඹ ඇති බවයි. සුපුරුදු පරිදි දෛනික ජීවන රටාව ආරම්භ කළහොත්, වෛරසය තවදුරටත් පැතිරයාමේ අවදානම ඉහළ යන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබියදී අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ. අමෙරිකාවේ මිලියන 1.2 ක පිරිසක් කොරෝනා වෛරසයෙන් තවදුරටත් පීඩාවට පත්වී සිටි. ඒ, එරට මරණ සංඛ්‍යාව 70,000 ඉක්මවා යාමත් සමගයි.