සාජාහී මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

සාජාහී මහල් නිවාස සංකීර්ණයක ගින්නකින් 12 දෙනෙකුට තුවාල

by Staff writer 06-05-2020 | 8:57 AM

News 1st - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහී මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මහල් 48 කින් යුත් නිවාස සංකීර්ණයක ගින්න හටගෙන ඇති බවයි. ගින්නෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ. මහල් නිවාස සංකීර්ණයේ සියලු දෙනා නිරුපද්‍රිතව බේරාගත් බව එරට බලධාරීන් ප්‍රකාශ කළහ. මෙම මහල් නිවාස සංකීර්ණයේ වැඩි වශයෙන් වාසය කර ඇත්තේ ඉන්දියානුවන් බව ද සඳහන් වේ.