මහ මැතිවරණය වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක්

මහ මැතිවරණය වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් සැකසීමට පියවර

by Staff writer 06-05-2020 | 8:01 AM

COLOMBO (News 1st) - කොරෝනා ව්‍යාප්තියත් සමග ඉදිරි මහ මැතිවරණයේදී පිළිපැඳිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් සැකසීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අංශ සමග එක්ව ඒ සඳහා වන යෝජනාවලිය මේ වනවිට සකස් කරමින් පවතින බවයි. එහිදී මැතිවරණ රාජකාරීවල නිරත වන නිලධාරීන්ගේ සහ ඡන්දදායකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානය යොමු කරන බව ඔහු පැවසුවේ ය. මහ මැතිවරණය ජුනි 20 වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිසම පසුගිය දා තීරණය කළේ ය.