තව ත් 226 දෙනෙකු අද සිය නිවෙස්වලට

නිරෝධායනය වූ තව ත් 226 දෙනෙකු අද සිය නිවෙස්වලට

by Staff writer 06-05-2020 | 10:52 AM

COLOMBO (News 1st) - නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තව ත් 226 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව යනු ඇත.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමග රාජගිරිය, බණ්ඩාරනායකපුර, කොළොන්නාව ඇතුළු ප්‍රදේශවල පුද්ගලයින් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කළ බවයි.