දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

by Staff writer 06-05-2020 | 3:44 PM

COLOMBO (News 1st) - සබරගමුව, මධ්‍යම, දකුණ හා ඌව පළාත්වලටත්, කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලටත් අද පස්වරුවේ මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර , මධ්‍යම, සබරගමුව, දකුණ , වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකියි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේය.
colombo:

කොළඹ

English - Sinhala