by Staff writer 06-05-2020 | 4:39 PM
COLOMBO (News 1st) - මෙරට කොරෝනා මර්දන වැඩපිළිවෙළ සඳහා ලෝක බැංකුව රුපියල් මිලියන 151 කට අධික වටිනාකමින් යුත් ආධාර තොගයක් පිරිනමා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, එම ආධාර තොගයට වෛද්‍ය උපකරණ, සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ද ඇතුළත්වන බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිතවරිය විසින් සෞඛ්‍ය අමාත්‍යවරියට මෙම සෞඛ්‍ය ආධාර නිල වශයෙන් භාරදෙනු ලැබ තිබේ.