කොරෝනා පරීක්ෂණවලට අතිරේක සෞඛ්‍ය කාර්ය මණ්ඩල

කොරෝනා පරීක්ෂණ ක්‍රියාවලියට අතිරේක සෞඛ්‍ය කාර්ය මණ්ඩල යෙදීමට පියවර

by Staff writer 06-05-2020 | 5:00 PM

COLOMBO (News 1st) - කොරෝනා වෛසරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අතිරේක සෞඛ්‍ය කාර්ය මණ්ඩල යෙදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ Covid-19 වෛරසය සඳහා ස්ථාපිත කළ සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්ය සාධන කමිටුවේ රැස්වීමකදී මේ පිළිබඳව සාකච්ඡා වූ බවයි. මීට අමතරව එම කාර්ය මණ්ඩල සඳහා විශේෂ පුහුණුවක් ලබාදීමට මෙන්ම ග්‍රාමීය , දිසා හා මූලික රෝහල්වල අවදානම් රාජකාරියේ යෙදෙන සියළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා ආරක්ෂිත ඇඳුම් හිඟයකින් තොරව ලබාදීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබේ. වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සඳහා දැනට සිදුකෙරෙන වැඩපිළිවෙළ තවත් ශක්තිමක් කිරීමට ද සාකච්ඡාවේදී එකඟ වූ බව අමාත්‍යාංශය සඳහන් කළේය. ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු සමාජ දුරස්ථභාවය රැකගනිමින් අමාත්‍යාංශය දෙන උපදෙස් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන්නැයි මෙහිදී පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය නිලධාරින්ට උපදෙස් ලබාදුන්නාය.