වැලිසර ලය රෝහලේ නිරෝධායනයට ලක්වූවන් යළි නිවෙස් වෙත

වැලිසර ලය රෝහලේ නිරෝධායනයට ලක්වූවන් යළි නිවෙස් වෙත

by Staff writer 05-05-2020 | 4:10 PM

COLOMBO (News 1st) - වැලිසර ලය රෝහලේ කොටසක ගුවන් හමුදාව විසින් ස්ථාපනය කළ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වූවන් පිරිසක් යළි තම වාසස්ථාන වෙත පිටත් කර හැරියේය.

එහි නිරෝධායනය වූ සංඛ්‍යාව 56ක් වන අතර මීට දින 21 කට පෙර ඉන් පුද්ගලයින් 8 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබේ. පසුව ඔවුන්ව අයි.ඩී.එච් රෝහලට මාරු කෙරිණ. එතැන් සිට අද දක්වා දින 21ක් නිරෝධායනයට ලක් කෙරුණු මහනුවර, කුරුණෑගල , ග්‍රෑන්පාස්, පෑලියගොඩ, රාගම ප්‍රදේශවල පදිංචි මේ පිරිස නිවෙස් වෙත පිටත් කෙරුණේ අද පෙරවරුවේදීය.