ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවිය හැකියි

ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවන බවට අනාවැකි

by Staff writer 05-05-2020 | 3:53 PM

COLOMBO (News 1st) - සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලටත්, කළුතර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් මිලිමිටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ , වයඹ සහ ඌව පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කකයේ අද පස්වරුවේ සහ රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බවයි. ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.