කොරෝනා ආසාදිතයින් ගණන 771 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 771 ක් දක්වා ඉහළට

by Staff writer 05-05-2020 | 11:40 PM

COLOMBO (News 1ts) Update(11.30PM) – තව ත් කොරෝනා ආසාදිතයින් 06ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මේ වනවිට සමස්ත ආසාදිතයින් ගණන 771 දක්වා ඉහළ ගොස් තිබේ.  

COLOMBO (News 1ts) Update(10.35PM) – තව ත් කොරෝනා ආසාදිතයින් 03ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, මේ වනවිට සමස්ත ආසාදිතයින් ගණන 765 දක්වා ඉහළ ගොස් තිබේ.

COLOMBO (News 1ts) Update(8.45PM) – තව ත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මේ වනවිට සමස්ත ආසාදිතයින් ගණන 762 දක්වා ඉහළ ගොස් තිබේ.

COLOMBO (News 1ts) Update(7.05PM) – තව ත් කොරෝනා ආසාදිතයින් 05 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ය.

ඒ අනුව මේ වනවිට සමස්ත ආසාදිතයින් ගණන 760දක්වා ඉහළ ගොස් තිබේ.  

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු අද පෙරවරුවේ වාර්තා විය.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ගණන 755 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඊයේ දිනයේ ද කොරෝනා ආසාදිතයින් 33 දෙනෙකු හඳුනා ගැනුණි. 72 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදිතව මිය යාමත් සමග මෙරට කොරෝනා මරණ ගණන ඊයේ දිනයේ 8 ක් දක්වා ඉහළ ගියේ ය. කොරෝනා රෝගයෙන් සුවය ලැබු සංඛ්‍යාව 194 කි.