වැඩිමිලට පොහොර අලෙවිකළ අයෙකු කොටු

වැඩි මිලට පොහොර අලෙවි කළ පුද්ගලයෙකුට වැඩ වරදී

by Staff writer 04-05-2020 | 7:13 PM

COLOMBO (News 1st) - කැකිරාව, ගල්කිරියාගම ප්‍රදේශයේ වැඩිමිලට පොහොර අලෙවි කළ ව්‍යාපාරික ස්ථානයක් වැටලීමට අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සමත්විය.

වී ගොවිතැන සහ අතිරේක බෝග සඳහා මූලිකව භාවිත කරන පොහොර වර්ග මෙලෙස වැඩිමිලට විකුණා තිබේ. අප වාර්තාකරු පැවසුවේ රුපියල් 1300ක් පමණ වටිනා ඇතැම් පොහොර රුපියල් 3000ක පමණ මිලකට අලෙවි කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.