ලන්ඩන් සිට ලාංකිකයින් රැගත් යානය දිවයිනට

ලන්ඩන්හි සිර වී සිටි ලාංකිකයින් පිරිසක් රැගත් විශේෂ ගුවන් යානය දිවයිනට

by Staff writer 04-05-2020 | 7:38 AM

COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ රැඳී සිටින ලාංකිකයින් 208 දෙනෙකු අද අලුයම මෙරට පැමිණ තිබේ.

ඒ, ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකිනි. බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් සහ ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් සිට දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන ලාංකිකයින් වෙනුවෙන් විශේෂ ගුවන් ගමන් කිහිපයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රීලංකන් ගුවන් සේවය පෙරේදා (02) නිවේදනය කළේ ය. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ, ලන්ඩනයේ සිට තව ත් ගුවන් ගමන් දෙකක් සහ මෙල්බර්න් සිට එක් ගුවන් ගමන් වාරයක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවය. හෙට සහ අනිද්දා ලන්ඩන් නුවර සිට කොළඹ බලා ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරේ. මැයි 8 වැනි දා මෙල්බර්න් සිට කොළඹ දක්වා ද ගුවන් ගමන් වාරයක් ක්‍රියාත්මක කෙරෙනු ඇති. https://www.facebook.com/NewsfirstSL/videos/541283600094049/