අගමැති කැඳ වූ රැස්වීම අද පෙරවරුවේ...

අගමැති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් අද...

by Staff writer 04-05-2020 | 8:02 AM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.

ඒ, අද පෙරවරු 10.30 අරලියගහ මන්දිරයේදීය. මෙම හමුව සඳහා පසුගිය දා විසුරුවා හැරි පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට හා 2010 සිට 2015 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය මාන්ත්‍රීවරුන්ට ද ආරාධනා කර ඇත. මීට අමතරව මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා මෙන්ම COVID 19 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානීන් ද සහභාගි වීමට නියමිතය. නමුත් මෙම හමුව සඳහා සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ සහභාගි නොවන බව මේ වනවිටත් දැනුම් දී තිබේ. මේ අතර පසුගිය දා දෙමළ ජාතික සන්ධානය පැවසුවේ, එම සාකච්ඡාව සඳහා තම පක්ෂය සහභාගී වන බවයි.