ළිඳක් හාරන මුවාවෙන් නිදන් හැරූ 8ක් දැලේ

ළිඳක් හාරන මුවාවෙන් නිදන් හැරූ 8ක් දැලේ

by Staff writer 03-05-2020 | 3:14 PM

COLOMBO (News 1st) - තලාව, ඉලංදගහවැව ප්‍රදේශයේ කළ වැටලීමකදී ළිඳක් හාරන මුවාවෙන් නිදන් හැරූ බවට පුද්ගලයින් 8 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් තලාව සහ නොච්චියාගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි. මෙහිදී නිදන් හෑරිමට භාවිත කළ උපකරණ හා පූජා භාණ්ඩ පොලිස් භාරයට ගැනිණි. සැකකරුවන් අද තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.