by Staff writer 03-05-2020 | 10:34 PM
COLOMBO (News 1st) - ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැරට යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවල නිවසින් බැහැරට යාමට මෙය අදාළ නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.