වෙසක් පෝය දා සිරකරුවන් පිරිසකට නිදහස

වෙසක් පෝයට සමගාමීව සිරකරුවන් පිරිසකට නිදහස

by Staff writer 03-05-2020 | 8:04 AM

COLOMBO (News 1st) - දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් නීති 33 කට අදාළ වැරදිවලට සම්බන්ධ නොමැති සිරකරුවන්ට සහන ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එහි කොමසාරිස් ජනරාල් එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා සඳහන් කළේ, වෙසක් පොහොයට සමගාමීව එය සිදු කිරීමට සැළසුම් කර ඇති බවය. ඒ අනුව අදාළ නීති 33 ට යටත් නොවන අවුරුදු 65 ට වැඩි සියලු සිරකරුවන් නිදහස් කරනු ඇති. ඊට අමතරව පසුගිය අප්‍රේල් 07 වැනි දා දක්වා දඩ ගෙවා ගැනීමට නොහැකිව සිටි සිරකරුවන් නිදහස් කිරීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, තව ත් සිරකරුවන් පිරිසකට වසරකට දින 07 ක සමාවක් ලබා දෙන බවයි.