by Staff writer 03-05-2020 | 5:29 PM
COLOMBO (News 1st) - රිදීගම, දොරනෑපොල ප්‍රදේශයේ නිවසක පවත්වා ගෙන යමින් තිබූ නීති විරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් වැටලීමට කුරුණෑගල දිසා වැටලීම් අංශය අද දහවල් සමත් විය.
කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කරනු ලැබිණි.
අදාල නිවසේ වතුර ටැංකිය යොදා ගෙන මෙසේ නීති විරෝධී මත්පැන් පෙරීම සිදු කර තිබේ.
එහිදී ගෝඩා මිලි ලීටර් ලක්ෂ 14ක් විනාශ කිරීමට කටයුතු කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර භාණ්ඩ තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා රිදීගම පොලීසියට භාර දී තිබේ.
https://www.facebook.com/NewsfirstSL/videos/566244007648520/