මැයි විශ්‍රාම වැටුප සහ 5000 හෙට සිට..

මැයි මස විශ්‍රාම වැටුප සහ 5000 දීමනාව හෙට සිට..

by Staff writer 03-05-2020 | 9:46 PM

COLOMBO (News 1st) - කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය අනුව හිමිවන රුපියල් 5000 දීමනාව මැයි මාසය සඳහාත් ගෙවීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මැයි මස දීමනාව ගෙවීම හෙට ඇරඹෙන අතර එය වෙසක් පෝයට පෙර ගෙවා නිම කරන බව ය. වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයින් සහ වකුගඩු රෝගීන් සඳහා මාර්තු මස සිට පුද්ගලයකුට රුපියල් 5000 බැගින් ගෙවීමට ජනාධිපතිතුමා විසින් තීරණය කරනු ලැබිණි. මෙම කණ්ඩායම්වලට අයත් මුල් ලේඛනවල නම් සඳහන් අයට මෙන්ම පොරොත්තු ලේඛනවල නම් සඳහන් අයට ද දීමනාව හිමි වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ . මේ අතර මැයි මාසය සඳහා විශ්‍රාම වැටුප් ගෙවීම ද හෙට සිට ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒවා පොහොය දිනයට පෙර ගෙවා අවසන් කරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය .
colombo:

කොළඹ

English - Sinhala