මැදිරිගිරියේ නිවසක යතුරුපැදි දෙකකට ගිනි

මැදිරිගිරියේ නිවසක යතුරුපැදි දෙකකට ගිනි

by Staff writer 03-05-2020 | 5:15 PM

COLOMBO (News 1st) - මැදිරිගිරිය, දිවුලංකඩවල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ යතුරුපැදි දෙකක් කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තබනු ලැබ තිබේ.

අප වාර්තාකරු පැවසුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේදී අදාල යතුරුපැදි ගිනිතබා ඇති බවයි. සිද්ධියෙන් එක් යතුරුපැදියක් සම්පුර්ණයෙන් ම විනාශ වී ඇති අතර අනෙක් යතුරුපැදියට ද ගින්නෙන් හානි වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මැදිරිගිරිය පොලිසිය සඳහන් කළේය.   https://www.facebook.com/NewsfirstSL/videos/1270155009849900/