by Staff writer 03-05-2020 | 9:46 PM
COLOMBO (News 1st) - අදට යෙදී ඇති ලෝක මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් නිකුත් කළ ලෝක මාධ්‍ය නිදහස්, ශ්‍රේණිගත කිරිම්හි ශ්‍රී ලංකාව 127 වන ස්ථානය ලබා ගෙන තිබේ.
එය 2019 ශ්‍රී ලංකාව අත්කරගෙන සිටි 126 වන ස්ථානයට වඩා එක් ස්ථානයකින් පසුබැසීමකි.
ප්‍රංශයේ රිපොටර්ස් විතවුට් බෝඩර්ස් සංවිධානයේ නිර්ණායක 07ක් අනුව මෙම ලේඛනය සකස් කර තිබේ.
රිපොටරස් විතවුට් බෝඩර්ස් සඳහන් කරන්නේ පසුගිය ජනාධිපතිවරණයෙන් පසු පොලීසිය විසින් කළ වැටලීම්, ප්‍රශ්න කිරිම් සහ බිය ගැන්වීම් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස වැඩි වූ බවය.
සාක් සමාජික රටවල් අතර ශ්‍රී ලංකාවට 5 වන ස්ථානය හිමිව තිබෙන අතර භූතානය මෙම රාජ්‍යයන් අතුරින් පෙරමුණේ සිටී.