මරදානේ Lockdown කළ ප්‍රදේශයකට ඇතුල්වීමට අවසර

මරදාන, ඉමාමුල් - අරුස් මාවත ප්‍රදේශයට ඇතුල්වීමට අවසර

by Staff writer 03-05-2020 | 3:59 PM

COLOMBO (News 1st) - මරදාන, ඉමාමුල් - අරුස් මාවත ප්‍රදේශයට ඇතුල්වීමට අද අවසර ලබා දුන්නේය.

පසුගිය අප්‍රේල් 02 වැනිදා සිට අද දිනය දක්වා ඉමාමුල්-අරුස් මාවත ප්‍රදේශය වසා තැබුණේ Covid-19 ආසාදිත තුන්වැනි මරණය වාර්තාවීමෙන් අනතුරුවයි. ඉමාමුල්-අරුස් මාවතේ මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයින් 302 දෙනෙකු නිරෝධායනය සඳහා පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ අතර ඔවුන් පසුගිය 17 වැනිදා නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පැමිණියේය. එතැන් සිට එම පිරිස දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කෙරිණි. අද එම ප්‍රදේශය විවෘත කෙරුණේ එම දින 14ද අවසන් වීමෙන් පසුවයි. අප වාර්තාකරු පැවසුවේ තවත් 500ක පිරිසක් එම කාලය පුරා අදාල නිවාසවලම ස්වයං නිරෝධායනයේ යෙදි සිටි බවයි.