ලාංකිකයින් ගෙන්වා ගැනීමට ලන්ඩන් නුවරට ගුවන් යානයක්

බ්‍රිතාන්‍යයේ සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට ලන්ඩන් නුවරට විශේෂ යානයක්

by Staff writer 03-05-2020 | 7:44 AM

COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ රැඳී සිටින ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් අද අලුයම ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් තිබේ.

අද දහවල් හීත්‍රෝ ගුවන්තොටුපොළට ළඟා වන යානය රාත්‍රියේ යළි දිවයිනට පැමිණීමට නියමිතය. බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් සහ ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් සිට දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන ලාංකිකයින් වෙනුවෙන් විශේෂ ගුවන් ගමන් කිහිපයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රීලංකන් ගුවන් සේවය ඊයේ නිවේදනය කළේ ය. ඒ අනුව අද සිට ලබන 8 වැනි දා දක්වා එම ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරෙනු ඇති. ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ, ලන්ඩනයේ සිට ගුවන් ගමන් 3 ක් සහ මෙල්බර්න් සිට එක් ගුවන් ගමන් වාරයක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි. 3, 4 සහ 5 යන දිනවලදී ලන්ඩන් සිට කොළඹ බලා ගුවන් ගමන් 3 ක් ක්‍රියාත්මක කෙරේ. මැයි 8 වැනි දා මෙල්බර්න් සිට කොළඹ දක්වා ද ගුවන් ගමන් වාරයක් ක්‍රියාත්මක කෙරෙනු ඇති.