කොරෝනා ආසාදිතයින් ගණන 718ක් වෙයි

කොරෝනා ආසාදිතයින් ගණන 718ක් දක්වා ඉහළට

by Hashini De Mel 03-05-2020 | 11:30 PM

COLOMBO (News 1st) - කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 718 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ, තව ත් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමගය. කොරෝනා ආසාදනය වී වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල සිටින සංඛ්‍යාව 527 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය සඳහන් කළේ ය. සුවය ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 184 කි. මේ අතර පසුගිය 26 වැනි දා සිට ඊයේ (02) දක්වා PCR පරීක්ෂණ 9,813 ක් සිදු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ආරම්භයේ සිට මේ දක්වා සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 25206 කි.  

COLOMBO (News 1st) Update 9.00PM – තව ත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, ආසාදිතයින් සංඛ්‍යාව 708 දක්වා ඉහළ ගොස් තිබේ.  

COLOMBO (News 1st) Update 6.45 PM – තව ත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 707 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව සුවය ලැබූ පුද්ගලයින් ගණන 184ක් දක්වා ඉහළගොස් තිබේ.

   

COLOMBO (News 1st) Update 4.25 PM – තව ත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 706 දක්වා ඉහළ ගොස් තිබේ.

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 3 ක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය  නිවේදනය කළේ ය.

ඒ අනුව අද දිනය වනවිට ආසාදිතයින් සංඛ්‍යාව 705 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (02) දිනයේදී හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 15 කි. කොරෝනා ආසාදිතයින් 172 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇත. සැක සහිත 179 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
colombo:

කොළඹ

English - Sinhala