පොදු ප්‍රවාහනයෙන් රාජකාරියට යන අයගේ ලැයිස්තුවක් අමාත්‍යාංශයෙන් ඉල්ලයි

පොදු ප්‍රවාහනයෙන් රාජකාරියට යන අයගේ ලැයිස්තුවක් අමාත්‍යාංශයෙන් ඉල්ලයි

පොදු ප්‍රවාහනයෙන් රාජකාරියට යන අයගේ ලැයිස්තුවක් අමාත්‍යාංශයෙන් ඉල්ලයි

කර්තෘ Staff writer

03 May, 2020 | 8:15 am

COLOMBO (News 1st) – රාජකාරී සඳහා පොදු ප්‍රවාහන සේවා ඔස්සේ කාර්යාල වෙත වාර්තා කරන වෘත්තිකයින්ගේ ලැයිස්තුවක් ලබා දෙන්නැයි ප්‍රවාහන අමාත්‍යාංශය ආයතන ප්‍රධානීන්ට දැනුම් දීමක් කර තිබේ.

විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, සමාජ දුරස්ථකරණය සහිතව පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමේ පහසුව වෙනුවෙන් එම ලැයිස්තු කැඳවා ඇති බවයි.

ඒ අනුව වෘත්තිකයින් සේවා ස්ථානයට පැමිණෙන වේලාව සහ පිටව යන වේලාව සහිතව අදාළ ලැයිස්තුව ලබාදිය යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]