වැඩි මිලට පොහොර අලෙවි කළොත් වැඩ වරදී..

වැඩි මිලට පොහොර විකුණන අලෙවි නියෝජිතයින්ගේ බලපත්‍ර අවලංගු කෙරේ

by Staff writer 02-05-2020 | 7:28 AM

COLOMBO (News 1st) - වැඩි මිලට පොහොර අලෙවි කරන නියෝජිතයින්ගේ අලෙවි නියෝජිතභාවය අවලංගු කරන බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

වී වගාව හැර වෙනත් වගාවන් සඳහා භාවිත කරන කිලෝග්‍රෑම් 50 පොහොර මිටියක මිල රුපියල් 1000 කි. මිශ්‍ර පොහොර මිටියක් අලෙවි කළ යුතු වන්නේ රුපියල් 1150 කටයි. එම මිල ගණන් ඉක්මවා පොහොර අලෙවි කරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා දුරකතන අංක දෙකක් හඳුන්වා දී තිබේ. ඒ අනුව 011 3 403 931 සහ 011 3 403 794 යන දුරකතන අංකවලට ඒ පිළිබඳව දැනුම් දිය හැකිය.