කිම් ජෝන් උන් ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවට

මියගිය බවට පළ වූ වාර්තාවලින් පසු පළමු වරට කිම් ජෝන් උන් මාධ්‍ය ඉදිරියට...

by Staff writer 02-05-2020 | 9:35 AM

News 1st - උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් ප්‍රසිද්ධියේ පෙනි සිටි බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ, දින 20 කට පසුවයි. එරට කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවකට එලෙස උතුරු කොරියානු නායකයා සම්බන්ධ වී තිබුණි. උතුරු කොරියානු නායකයා අභාවප්‍රාප්ත වී ඇති බවට පළ වූ ව්‍යාජ පුවත්වලින් අනතුරුව ඔහු එලෙස මාධ්‍ය හමුවේ පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි.