පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිසමට

මහ මැතිවරණය ගැන සාකච්ඡා කිරීමට පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිසමට

by Staff writer 02-05-2020 | 7:19 AM

COLOMBO (News 1st) - ජාතික මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි.

රාජගිරියේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේදී පෙරවරු 10.00 ට එම සාකච්ඡාව ආරම්භ වනු ඇති. අද පෙරවරු 11.00 ට පමණ පක්ෂ ලේකම්වරුන් ද මැතිවරණ කොමිසමට කැඳවා ඇත. ඒ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. ජාතික මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ නායකයින් අතර පසුගිය 21 වැනි දා ද මෙවැනි හමුවක් පැවැත්විය. අද මෙම රැස්වීම පැවැත්වෙන්නේ එදින ගනු ලැබු තීරණයකට අනුවයි.