by Staff writer 02-05-2020 | 4:04 PM
COLOMBO (News 1st) -බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් සහ ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් සිට දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන ලාංකිකයින් වෙනුවෙන් විශේෂ ගුවන් ගමන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සැලසුම් කර තිබේ.
ඒ අනුව, හෙට සිට ලබන 08 වැනිදා දක්වා එම ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරෙනු ඇති.
ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ, ලන්ඩනයේ සිට ගුවන් ගමන් තුනක් සහ මෙල්බර්න් සිට එක් ගුවන් ගමන් වාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
මැයි 03, 04 සහ 05 යන දිනවලදී ලන්ඩන් සිට කොළඹ බලා ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක වේ.
මැයි 08 වැනිදා මෙල්බර්න් සිට කොළඹ දක්වා ගුවන් ගමන් වාරයක් ක්‍රියාත්මක කෙරෙනු ඇති.