COLOMBO (News 1ts) - පරිප්පු සහ ටින් මාළු සඳහා පැන වූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබේ.
ඒ, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් යුත් අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි.
පරිප්පු සහ ටින් මාළු සඳහා රජය පාලන මිලක් පැනවූයේ පසුගිය මාර්තු 17වැනි දා සිටය.
පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා රජය පනවා තිබූ උපරිම සිල්ලර මිල රුපියල් 65 කි.
සැමන් ටින් එකක් සඳහා ද රුපියල් 100 ක උපරිම සිල්ලර මිලක් පනවා තිබුණි.
colombo:
කොළඹ
English - Sinhala