කොළඹ සිරවී සිටි පිරිසක් ගම්බිම් වෙත..

කොළඹ සිරවී සිටි පිරිසක් ගම්බිම් වෙත..

by Staff writer 02-05-2020 | 6:28 PM
 

COLOMBO (News 1st) - කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක සිරවී සිටි පුද්ගලයින් 300කට ආසන්න පිරිසක් අද පෙරවරුවේ ගම්බිම් බලා පිටත් කර යැවුණි.

ඒ, පෑලියගොඩ විජය කුමාරතුංග ක්‍රීඩාංගණයේ සිට බස් රථ මගිනි. අප වාර්තාකරු පැවසුවේ වයෝවෘද්ධ පුද්ගලයින් සහ ගැබිනි මව්වරුන්ට පිරිසක තම නිවෙස් බලා යාමට අවස්ථාව සලසා දී තිබූ බවයි. ඒ අනුව, මහනුවර, රත්නපුර, අනුරාධපුර, පොළොන්නරුව ආදි ප්‍රදේශවලට බස්රථ 22 ක් ධාවනය විය. එම පිරිස් අදාල පොලිස් ස්ථානවලට ප්‍රවාහනය කර ගම් ප්‍රදේශය කරා ඉන් අනතුරුව රැගෙන යාමට නියමිතය.