උ/පෙළ සිසුන්ට සාධාරණයක් වන තීන්දුවක් ගන්නවා..

උසස් පෙළ සිසුන්ට සාධාරණයක් වන තීන්දුවක් ගන්නවා - විභාග කොමසාරිස් ජනරාල්

by Chathuranga Rajapaksha 02-05-2020 | 10:04 PM

COLOMBO (News 1st) - "කණගාටුවක් හෝ ගැටලුවක් ඇති කරගන්න එපා" උසස් පෙළ සිසුන්ට සාධාරණයක් වන තීන්දුවක් අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව ලබා ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පවසයි.

උසස් පෙළ පෙළ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම අවසන් විය යුතු බවත් එය අවසන් කිරීමට කාලය අවශ්‍ය බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා කියා සිටියේය. නමුත් රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ කාලය තීරණය කරන්නේ සෞඛ්‍ය බලධාරීන් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය. ඔහු මේ බව සඳහන් කළේ සිරස ටීවී නාලිකාවේ ඊයේ(01) පැවති ´ඇහැරෙන්න` වැඩසටහන සමග එක්වෙමිනි. මැයි සහ ජූනි මාසවල වැඩ කිරීමට නොහැකි වූවහොත් අනිවාර්යෙන්ම දරුවන්ට කාලය ලබා දිය යුතු බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට සාධාරණ විභාගයක් පැවැත්විය හැක්කේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ම ආවරණය වීමෙන් පසුව බව විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය. සිසුන්ට මෙන්ම විභාග දෙපාර්තමේන්තුවට ද කාලය අවශ්‍ය බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය. මෙවර අපේක්ෂකයින් 364,761ක් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා වැඩිදුරටත් කියා සිටියේය.     https://www.facebook.com/NewsfirstSL/videos/2402527766699752/