by Staff writer 02-05-2020 | 4:07 PM
COLOMBO (News 1st) - උඩවලව වනෝද්‍යානයේ වෙසෙන 'පොකුණා' නමැති ඇත් පැටවෙකු වෙඩි වැදීමකින් මියගොස් තිබේ.
උඩවලව වනජීවී කාර්යාලය සඳහන් කළේ, ගම්වාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කළ බවය.
ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, අද පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.
මියගිය ඇත් පැටවාගේ වයස අවුරුදු හයහමාරකි.