ඇඳිරි නීතිය අස්සේ මැණික් ගැරූ 7ක් දැලේ

ඇඳිරි නීතිය අස්සේ මැණික් ගැරූ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 02-05-2020 | 3:35 PM

COLOMBO (News 1st) - ඇඳිරි නීති රෙගුලාසි උල්ලංඝණය කරමින් මැණික් ගැරූ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බගවන්තලාව, පෙට්රොසො තේවත්තේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි තිදෙනෙකු සහ බ්‍රිඩ්වෙල් තේවත්තේ මැණික් ගැරූ සැකකරුවන් සිව්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. බගවන්තලාව පොලීසිය පැවසුවේ සැකකරුවන් මැණික් ගැරීම සඳහා උපයෝගි කරගත් උපකරණ රැසක් සහ සැකකරුවන් විසින් ගොඩදමා තිබු මැණික් ඉල්ලම් පස් තොගයක් ද පොලිස් භාරයට ගැනුණු බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පිරිස පොලිස් ඇපමත මුදාහැර තිබේ.