UPDATE : කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 690ක් වෙයි

UPDATE : කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 690ක් දක්වා ඉහළට

by Sagarika Chathumali 01-05-2020 | 9:20 PM

COLOMBO (News 1st) 9.20PM: මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 690 දක්වා ඉහළගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ තවත් රෝගියෙකු හඳුනා ගැනීම හේතුවෙනි. අද(01) දින මේ දක්වා(9.00PM) හඳුනාගත් ආසාදිතයින් ගණන 25කි. --------------------------------------------------------------------------------------------

COLOMBO (News 1st) 8.50PM:  තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 689ක් දක්වා ඉහළගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව අද(01) දින මේ දක්වා(8.30PM) හඳුනාගත් ආසාදිතයින් ගණන 24කි. මේ අතර තවත් ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත පුද්ගලයින් ගණන 162කි. ---------------------------------------------------------------------------------- COLOMBO (News 1st) 6.30PM: අද පස්වරු 6.30 වන විට මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 674ක් දක්වා ඉහළ යනු ඇති. අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන්, තුන්දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් ය. අනෙක් පිරිසෙන් 5 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් සමීපව ඇසුරු කළ අය වන අතර අනෙක් රෝගියා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොරෝනා ආසාදිතයින් 510 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ආසාදනය සුව වී රෝහලින් පිටව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 157කි. කොරෝනා වැළඳීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 7 දෙනෙකි. ------------------------------------------------------------------------------------------------------------------------------------ COLOMBO (News 1st) 5.30PM: මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 671ක් දක්වා ඉහළ යනු ඇති. ------------------------------------------------------------------------------------------------------------------------------------- COLOMBO (News 1st) 2.30PM: මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 668ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් රෝගීන් දෙදෙනකු වාර්තා වීමත් සමගයි. අද දහවල් කාලයේදී ද එක් කොරෝනා ආසාදිතයෙකු වාර්තා විය. සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරන්නේ, මේ දක්වා කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් 157 දෙනෙකු සුවය ලබා ඇති බවයි.