අද පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි

අද පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි

by Staff writer 01-05-2020 | 2:42 PM
COLOMBO (News 1st) : වයඹ, සබරගමුව, දකුණ, බස්නාහිර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් වලට රාත්‍රීයේ ප්‍රබල අකුණු සමග වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම අවස්ථාවේ අදාළ ප්‍රදේශවල තද සුළං තත්ත්වයක් ද පැවතිය හැකියි. අකුණු අනතුරු අවම කරගැනීමට පියවර ගන්නැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි. තද සුළං සමග ගස් සහ විදුලි රැහැන් බිමට ඇඳ වැටීමේ අවදානමක් පවතින බැවින් ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු වේ.