Update: කොරෝනා ආසාදිතයින් ගණන 663ක් වෙයි

Update: සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 663ක් දක්වා ඉහළට: තවත් ආසාදිතයින් 15ක් සුවය ලබයි

by Staff writer 30-04-2020 | 11:30 PM
COLOMBO (News 1st) 11.30PM :තවත් කොරෝනා ආසාදිතයින් 03දෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.  ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 663 දක්වා ඉහළගොස් තිබේ. මේ අතර තවත් ආසාදිතයින් 15ක්⁣⁣⁣⁣⁣⁣ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව සුවය ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 154ක් දක්වා ඉහළගොස් තිබේ. ............................................ COLOMBO (News 1st) 9.10PM :තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 660ක් දක්වා ඉහළගොස් තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. --------------------------------------------------------------------------------------------------- COLOMBO (News 1st) 7.20PM : තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු අද හඳුනා ගැනිණ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 653 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර අද දිනයේ රෝගීන් තිදෙනෙක් සුවය ලැබූහ. ආසාදිතයින් 507 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. ඊට අමතරව කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 250 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.