සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 139 ක් දක්වා ඉහළට

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 139 ක් දක්වා ඉහළට

by Chathurika Jayasundara 30-04-2020 | 12:55 PM

COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයින් 03 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 139 ක් දක්වා ඉහළගොස් තිබේ. මේ වනවිට මෙරට තහවුරු කරගත් කොරෝනා ආසාදිතයින් ගණන 649 කි. කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මියගිය රෝගීන් ගණන 7කි.