by Staff writer 30-04-2020 | 11:57 AM
COLOMBO ( News 1st ) – මුහුදු යාමේදී විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේය.
ඒ, ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යාම හේතුවෙනි.
එම මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.