පොලීසිය ගත් ක්‍රියාමාර්ග නීත්‍යානුකූලයි - නීතිපති

කොරෝනා මර්දනයේදී පොලීසිය ගත් ක්‍රියාමාර්ග නීත්‍යානුකූලයි - නීතිපති

by Staff writer 30-04-2020 | 10:26 PM

COLOMBO (News 1st): පොලීසිය විසින් කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ගනු ලබන සෑම පියවරක්ම නීතිය විසින් තහවුරු කර ඇති බව නීතිපතිවරයා දන්වා තිබේ.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා මේ බව පවසා ඇත්තේ වැඩබලන පොලිස්පතිවරයා සිදුකළ විමසීමට පිළිතුරු සපයමිනි. එම ලිපියේ තවදුරටත් දැක්වෙන්නේ මේ සම්බන්ධව කටයුතු කිරීමේදී පොලිස් පනත, දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නීතිය යටතේ පොලීසිය මත පවරා ඇති වගකීම් සහ ක්‍රියාමාර්ග වලට අවනත විය යුතු බවය.