කොවිඩ් ආසාදිත නාවික සෙබළුන් ගණන 226ක්

''කොවිඩ් ආසාදිත සමස්ත නාවික සෙබළුන් ගණන 226 ක්'' - හමුදාපති

by Sagarika Chathumali 29-04-2020 | 5:50 PM
COLOMBO (News 1st)5.30Pm : අද  වාර්තා වූ සෙබළුන් තිදෙනා ද අතුළුව මේ දක්වා කොවිඩ් 19 අසාදිත නාවික සෙබළුන් 226 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඉන් සෙබළුන් 147 දෙනෙකු වැලිසර හමුදා කඳවුරෙන් හඳුනා ගෙන ඇති අතර ඉතිරි 79 දෙනා හඳුනා ගනෙ ඇත්තේ,  නිවාඩු ලැබ ගොස් සිටි පිරිස අතරිනි. යුද හමුදාපතිවරයා මෙම කරුණු අනාවරණය කරනු ලැබුවේ අද පස්වරුවේ කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුව අමතමිනි. හෝමාගම මූලික රෝහල අද සිට COVID-19 ප්‍රතිකාර රෝහලක් බවට පත් කරන බව අදාළ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසී ය. මේ දක්වා එම රෝහල වෙන් කර තිබුණේ, කොවිඩ් 19 ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයින්ට ප්‍රතිකාර කරන රෝහලක් ලෙසයි. මේ අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 622 ක් වන අතර සුවය ලබා පිටව ගොස් ඇති පිරිස 134කි.